නිර්මාතෘවරයෙකු නැතුව මේ චමත්කාරජනක ලොව ඇතිවුනේ යයි කල්පනා කළ හැකි ද?

හිතවත් සෙනෙහෙවන්තය,
(මෙහි කොටස් වශයෙන් පල වන්නේ නිර්මලී බීලින් නම් සහෝදරියක් විසින් ලියන ලද සුභ ආරංචි ග්‍රන්ථයකි)

ඔබ කිසි දිනෙක තරු පිරි රැයක අහස දෙස බලා තිබේද? හිරු බැස යනු දැක තිබේද? ලෝකයේ සෞන්දර්ය නරඹා විශ්මපත්වී තිබේ ද?
 
මග අසල මලක් අතට ගෙන එහි අලංකාරය හා නිර්මාණය අගය කළේ ද? කඩා හැලෙන දිය ඇල්ලක් දැක, එය නික්මෙන කඳුගැටයේ තේජස දැක, මේ සියල්ල, ඉබේ සෑදුනේ යයි ඔබට සිතිය හැකි ද?

නිර්මාතෘවරයෙකු නැතුව මේ චමත්කාරජනක ලොව ඇතිවුනේ යයි කල්පනා කළ හැකි ද? අපේ පෘථුවිය සුර්යාගෙන් නියම දුර ප්‍රමාණයක් පිහිටා ඇත. අගලක්වත් එහා මෙහා වුවහොත් උෂ්ණත්වය වැඩිවී හෝ ශීතල වැඩිවී අප මැරී යනු ඇත.

මේ මුළු මැවිල්ලම පැය 24 මුළුල්ලේම අපට මැවුම්කරු සමිඳුන් ගැන ප්‍රකාශ කරයි. ලෝහ කැබලි මල්ලක දමා සෙලවීමෙන් ඔරලෝසුවක් සෑදුනේ යයි මා ඔබට කිවොත් ඔබ විශ්වාස කරන්නෙහි ද?නැත. කොහෙත්ම නැත.

ඔබ අවට තිබෙන ලෝකය ඉබේම ඇතිවුනේ නැත. නොරැවටෙන්න. මේ විද්‍යානුකුලව ක්‍රියා කරන ඉතා අලංකාර ලොව, නිර්මාතෘවරයෙකු විසින් සාදන ලද බව දක්වයි.
Share this article :

Post a Comment

 
Copyright © 2012-2021. CEYLON CHRISTIAN (SINHALA) - All Rights Reserved