කිතු සමිඳුන් තුල දෙවිදුගේ ඇරයුම දිනුම ලබන්නට එක්සේසත් වෙමු.

අප වටා සිටින මහත් සාක්ෂිකාර සේනාව හා නිර්භීත ව දුවන්න. වටපිට බලන්න එපා, එන බාධා නොසලකා හරින්න.
හෙබ්‍රෙව් 12:1,3
දේව වචනය තුළ තමයි මහත් සාක්ෂිකාර සේනාව සිටින්නේ. නෝවාගේ කාලයේ සිටම නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, මෝසස් හා සිටි මිලියන 2, 3 ක සෙනග රජවරුන්ට මග පෙන්වුවන් මේ සියල්ල මහත් සාක්ෂිකාර සේනාව වුණා.

ඔවුන් මෙන්ම අපි ද ඒ සෙනගට එක්විය යුතුය.එසේම දුකින්, ප්‍රශ්නවලින් පෙළුණු ජනතාවට ඒ අය හරහා සැනසිල්ල, විසදීම ලැබුණා.

1 පදය
විශාල ශක්තිමත් කිරීමක් මේ තුල තිබෙනවා. අපි ඇදහිල්ලෙන් ඉදිරියට යන විට යක්ෂයා කොහොම හරි කකුල් මට්ටුවක් දමලා බිමට අදාල දමන්න උත්සහ කරනවා.
උදාහරණයක්:
මීටර්100 දුවන විට මොනවා හෝ බිම වර්ගයක් අතරමගදී දෙනකොට අපි ඒක බොන්න නතර වුනොත් අපිට ජයග්‍රහණය ලබාගන්න බැරිවෙනවා. ඒ වගේ යක්ෂයා අපි ඉදිරියට යනවිට ඒ වගේ බාධාවල් දමන්න උත්සාහ කරාවි.
එපමණක් නොව අපි මීටර්100 දුවන විට ශාරීරිකවත්, මානසිකවත් හැමදෙයක්ම හද ගන්නවා. එසේම දුවන විට දුරකථන, වටිනා කියන දේවල් සේරම පැත්තකින් තියලයි දුවන්නේ, මොකද ඒවා බර වැඩියි.
අපිත් අපේ මේ අධ්‍යාත්මික ගමන යන විට අපේ තිබෙන අනවශ්‍ය දෑ පැත්තකින් තියල යන්න ඕන.

3පදය
"යේසුස් වහන්සේ තමයි අපිට හොදම ආශීර්වාදය"
අපි වට කර සිටින මහත් සේනාව හා නිර්භීතව අපි දුවන්න ඕන. ලෝකය ජයගත් දෙවියන් වහන්සේ අපිත් සමග සිටිනවා. එම නිසා කිසිදු බියකින් චකිතයකින් තොර ව අවසානය දක්වා ම දුවන්න අපිට පුලුවනි.
Share this article :

Post a Comment

 
Copyright © 2012-2021. CEYLON CHRISTIAN (SINHALA) - All Rights Reserved