Latest posts
More Posts

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්ද? යන ප්‍රශ්නය දෙවියන් වහන්සේ වැඩ සිටිනසේක්ද නැතිනම් විද්‍යාමාන වන්නේද යන ප්‍රශ්නයට වඩා වෙනස්ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විද්‍යාමාන වූයේ දැයි ප්‍රශ්න කර ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකු පමණය. යේසුස් වහන්සේ මීට වසර 2000 කට පමණ පෙර ඉශ්‍රායලයේ ජීවත්වූ සැබෑ මනුෂ්‍යයෙකු බව පොදු පිළිගැනීම වී තිබේ. තර්කය මතුවන්නේ යේසුස් වහන්සේගේ පූර්ණ අනන්‍යතාව පිළිබඳ විෂය සාකච්ඡා කරන අවස්ථාවේදීය. යේසුස් වහන්සේ අනාගතවක්තෘ වරයෙකු නැතිනම් යහපත් ගුරුවරයෙකු නැතිනම් දැහැමි මනුෂ්‍යයකු වූ බව සෑම ප්‍රධාන ධර්මයක්ම උගන්වන්නේය. ගැටළුව වන්නේ යේසුස් වහන්සේ අනාගතවක්තෘ වරයෙකු, යහපත් ගුරුවරයෙකු හෝ දැහැමි මනුෂ්‍යයෙකුට වඩා අපරිමිත බව ශුද්ධ බයිබලය අපට ප්‍රකාශ කිරීමයි. 

සී. එස්. ලුවිස් Mere Christianity නම් සිය කෘතියේ පහත සඳහන් ආකාරයේ සටහනක් තබයි. “මා මෙහි උත්සාහ කරන්නේ උන් වහන්සේ (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) පිළිබඳව මිනිසුන් නිතර ප්‍රකාශ කරන සැබවින්ම අඥාන දෙය ප්‍රකාශ කිරීමෙන් යමෙකු වලක්වා ගැනීමටය. “යේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨ සදාචාරාත්මක ගුරුවරයෙකු ලෙස පිළිගැනීමට මම සූදානම්ය. එහෙත් එතුමා දෙවියන් වහන්සේ බවට හිමිකම් කීම මම නොපිළිගනිමි.” එය අප විසින් නොකිය යුතු එක් දෙයකි. හුදෙක් මිනිසෙකු වූ මිනිසෙක් යේසුස් වහන්සේ ප්‍රකාශ කළ දේවල් ප්‍රකාශ කරයි නම් ඔහු ශ්‍රේෂ්ඨ සදාචාරාත්මක ගුරුවරයෙකු විය නොහැකිය. ඔහු උන්මත්තකයකු වන්නේය. එනම් තමා බාගෙට තැම්බූ බිත්තරයක් යයි පවසන තත්වයේ මිනිසකු නැතිනම් අපායේ යක්‍ෂයකු විය යුතුය. තෝරා ගැනීම ඔබ සතුය. මෙම මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූයේද සහ වන්නේද යන්න හෝ උන්මත්තකයෙකුද නැතිනම් ඊටත් වඩා නරක පුද්ගලයෙකුද යයි තීරණය කිර්ම ඔබ සතුය. ඔහු අඥානයෙකු ලෙස සිතීමට ඔබට පුළුවන. ඔහුට කෙළ ගසන්නට ඔබට පුළුවන. අමනුෂ්‍යයෙකු සේ මරා දමන්නට හෝ ඔහුගේ පාමුළ වැටී ස්වාමින් වහන්ස දෙවියන් වහන්ස යයි ආමන්ත්‍රණය කරන්නට පුළුවන. එහෙත් උන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව උන් වහන්සේ ශ්‍රේෂ්ඨ මානව ගුරුවරයෙකුය යන අර්ථ ශුන්‍ය (විකාර) දෙයට අනුග්‍රහය නොදක්වා සිටිමු. අපට එම විකල්පය උන් වහන්සේ විවරකර නැත. උන් වහන්සේ එය බලාපොරොත්තු නොවූ සේක. 

එසේ නම් යේසුස් වහන්සේ කව්රුන් යන්නට හිමිකම් කියන්නේද? උන් වහන්සේ කවුරුන් යයි ශුද්ධ බයිබලය පවසන්නේද? ප්‍රථමයෙන් අපි යොහන් 10 : 30 හි සඳහන් වන යේසුස් වහන්සේගේ වචන දෙස බලමු. “මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක.” එක්වර මේ දෙස බලන කල එය දෙවියන් වහන්සේට හිමිකම් කීමක් ලෙස නොපෙනෙන්නට පුළුවන. උන් වහන්සේගේ එම ප්‍රකාශයට යුදෙවිවන්ගේ ප්‍රතිචාරය බලමු. “අප නුඹට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසායු මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන් වහන්සේ වෙන්ට සාදන නිසාය” (යොහන් 10 : 33). යේසුස් වහන්සේ දෙවියන් බව යේසුස් වහන්සේ කරන ප්‍රකාශය යුදෙවිවන් තේරුම් ගත්තෝය. “මම දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ නොකරමි” යයි කියමින් උන් වහන්සේ යුදෙව්වන් නිවැරදි කළ බව ඊළඟ පදවල අපි නොදකිමු.“මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි.” (යොහන් 10 : 30) යේසුස් වහන්සේ ප්‍රකාශ කරන බව එයින් පැහැදිලි වන්නේය. යොහන් 8 : 58 තව උදාහරණයකි “සැබවක් සැබවක් නුඹලාට කියමි-ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක. නැවතත් ඊට ප්‍රතිචාර වශයෙන් උන් වහන්සේට ගසන පිණිස යුදෙව්වන් ගල් අතට ගත්තෝය” (යොහන් 8 : 59). “මම සිටිමි” යයි යේසුස් වහන්සේ ස්වකීය අනන්‍යතාව ලෙස කරන ප්‍රකාශය පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේට සෘජුවම අදාළ කරන නාමයකි (නික්මයාම 3 : 14). දේව අපහාසය ලෙස ඔවුන් විශ්වාස කළ යමක් එනම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව උන් වහන්සේ ප්‍රකාශ නොකළ සේක් නම් උන් වහන්සේට යළිත් ගල් ගසන්නට යුදෙව්වන් හට අවශ්‍ය වූයේ මන්ද? 

“වාක්‍යාණෝ දෙවියන් වහන්සේව සිටි සේක” යයි යොහන් 1 : 1 හි සඳහන් වේ. “වාක්‍යාණෝ මාංසවත් වී” යයි යොහන් 1 : 14 හි සඳහන් වේ. යේසුස් වහන්සේ මාංසය තුළ දෙවියන් වහන්සේ බව මෙයින් පැහැදිළිවම හඟවන්නේය. යේසුස් වහන්සේගේ ගෝලයෙකුවූ තෝමස් උන් වහන්සේට මෙසේ කීවේය. “මාගේ ස්වාමිනි, මාගේ දෙවියනි” (යොහන් 20 : 28). යේසුස් වහන්සේ ඔහුව නිවැරදි නොකළසේක. ප්‍රේරිත පාවුල් තුමා උන් වහන්සේ “මහෝත්තම දෙවියන් වහන්සේ හා අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ” ලෙස විස්තර කරයි. ප්‍රේරිත පේත්‍රුස් තුමාද එසේම කියයි. “අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ” (2 පේත්‍රූස් 1 : 1). යේසුස් වහන්සේගේ සම්පූර්ණ අනන්‍යතාව පිළිබඳව පියවූ දෙවියන් වහන්සේද සාක්ෂි දරන සේක. එහෙත් පුත්‍රයාණන් ගැන ඔහු පවසන්නේ “දෙවියන් වහන්ස, ඔබගේ සිහසුන සාදාකාලයෙන් සදාකාලයට පවතිනු ඇත. ධර්මිෂ්ඨකම ඔබගේ රාජ්‍යයේ ආධිපත්‍යය / ජයකොන්තය වනු ඇත.” පරණ ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දේවත්වය පිළිබඳව අනාගත කියමන් තුළින් දැනුම් දෙන්නේය. “අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන් වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන් වහන්සේගේ නාමය අපූර්වය මන්ත්‍රීවරයාය. පරාක්‍රමවත් දෙවියන් වහන්සේය. සදාකාල පියාණෝය. සමාදානයේ කුමාරයාය.” 

සී. එස්. ලුවිස් තර්ක කරන අන්දමට යේසුස් වහන්සේ යහපත් ගුරුවරයෙකු යයි විශ්වාස කිරීම විකල්පයක් නොවේ. යේසුස් වහන්සේ පැහැදිළිවම හා සැකයක් නැතිවම තමන් දෙවියන් වහන්සේ බව ප්‍රකාශකර සිටින සේක. උන් වහන්සේ දෙවියන් වහන්සේ නොවේ නම් උන් වහන්සේ බොරු කාරයෙකි. ඒ අනුව අනාගතවක්තෘ කෙනෙකුද නොවන්නේය. යහපත් ගුරුවරුයකු හෝ දැහැමි මනුෂ්‍යයෙකුද නොවන්නේය. යේසුස් වහන්සේගේ වචන වෙනස් කොට විස්තර කරන්නට වෑයම් කරමින් නූතන “විශාරදයින්” පවසන්නේ ශුද්ධ බයිබලය උන් වහන්සේට ආරෝපණය කරන බොහෝ දේ “සැබෑ ථෙතිහාසික යේසුස් වහන්සේ” ප්‍රකාශ නොකළ බවයි. යේසුස් වහන්සේ ප්‍රකාශ කළ හෝ නොකළ දේ පිළිබඳව දේව වචනය සමඟ විවාද කිරීමට අපි කව්ද? වසර දෙදහසක් යේසුස් වහන්සේගෙන් ඉවත්ව සිටි “විශාරදයකු” යේසුස් වහන්සේ සමඟ ජීවත්වූ, සේවය කළ, යේසුස් වහන්සේගෙන් ඉගෙනගත් අයට වඩා උන් වහන්සේ ප්‍රකාශ කළ හෝ නොකළ දේ පිළිබඳව වඩා හොඳ දර්ශනයක් උන් වහන්සේ කෙරෙහි ඇතිකර ගන්නේ කෙසේද (යොහන් 14 : 26)? 

යේසුස් වහන්සේ ගැන සැබෑ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය මෙතරම් වැදගත් වන්නේ ඇයි? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේද නැද්ද යන කාරණය වැදගත් ඇයි? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වියයුතුය යන කාරණය වඩාත් වැදගත් වන්නේ උන් වහන්සේ දෙවියන් වහන්සේ නොවේනම් මුළු ලෝකයේ පව් උදෙසා වන්දි ගෙවීමට උන් වහන්සේගේ මරණය ප්‍රාණවත් නොවන බැවින්ය (1 යොහන් 2 : 2). එවැනි අපරිමිත වන්දියක් ගෙවිය හැක්කේ දෙවියන් වහන්සේට පමණය (රෝම 5 : 8-2 කොරින්ති 5 : 21). අපගේ ණය ගෙවන්නට හැකි වන පිණිස යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ විය යුතු විය. මැරෙන්නට හැකිවන පරිදි උන් වහන්සේ මනුෂ්‍යයෙකු විය යුතු විය. ගැළවීම ලබාගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පමණය! “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14 : 6) යයි යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ උන් වහන්සේගේ දේවත්වය නිසාය.


Source : http://www.gotquestions.org

සදාකාල ජීවනයක් තිබේද?

බයිබලය සදාකාල ජීවනයට පැහැදිලි මාවතක් පෙන්වා දෙයි, පළමුව, අපි දෙවියන් වහන්සේට විරුද්ධව පව් කල බව තේරුම් ගනිමු. මක්නිසාද අපි සියල්ලෝම පව් කොට උන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති (රෝම 3 : 23). අපි දෙවියන් වහන්සේ අකමැති දේ කොට දඬුවම් ලැබීමට සුදුසුකම් ලැබ සිටිමු. අපි පව් කොට ඇත්තේ දෙවියන් වහන්සේට විරුද්ධව නිසා සදාකාල දඬුවම අපේ උරුමයයි. මක්නිසාද පාපයේ කුලිය නම් මරණයයි. එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයයි. (රෝම 6 : 23)

කෙසේ වෙතත්, යේසුස් ක්‍රිස්තුස් පාපයෙන් තොර (1 පේත්‍රැස් 2 : 22). සාදාකාල දෙවියන් වහන්සේගේ පුත්‍රයා මනුෂයෙකු විය (යොහාන් 1 : 1, 14) අපගේ පාපයේ දඬුවම ගෙවීමට මරණයට පත්විය. “නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය” (රෝම 5: 8). යේසුස් ක්‍රිස්තුස් කුරුසියේදී පත්වී (යොහාන් 19 : 31- 42) අපට උරුම දඬුවම දරා ගත්තා (2 කොරින්ති 5 : 21) දින තුනකට පසු මරණයෙන් උත්ථානවී (1 කොරින්ති 15 : 1- 4) මරණයට සහ පාපයට එරෙහි ජයග්‍රහනය පෙන්විය. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, ස්වකීය මහත් දයාවෙන්, අපට නව ජීවනයක් දුන් සේක (1 පේත්‍රැස් 1 : 3).


ඇදහිල්ලෙන්, අපි අපගේ පව් වලින් ඈත්වී ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලැබ (ක්‍රියා 3 : 19) අපගේ ඇදහිල්ල එතුමා කෙරෙහි තබා, එතුමා කුරුසියේ මලේ අපේ පව් නිසා බව විශ්වාස කරනවා නම්, අපගේ පාපයට සමාව දී සවර්ගයේ සදාකාල ජීවනට අපට ලැබේ. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම්ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්න සැම දෙනම විනාශ නොවී සදා කාල ජීවනය ලබන පිණිසය (යොහාන් 3 : 16). යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයයි නු‍ඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගලවනු ලබන්නෙහිය. (රෝම 10 : 9). යේසුස් ක්‍රිස්තුස් කුරුසියේ නිමාකල වැඩ කොටස කෙරෙහි විශ්වාස කිරීම සදාකාල ජීවනයට මාර්ගය වෙයි. මක්නිසාද ඇදැහිල්ල කරණකොට ගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරටිටු කර නොගන්න පිණිස ඒක ක්‍රියා වලින් නොවේ (එපීස 2 : 8-9).


ඔබට යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කරුවානන් ලෙස පිලිගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා සුදුසු යාච්ඤාවක් පහත දක්වයි. මෙම යාච්ඤාව හෝ වෙන යම් යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගලවනු ලබන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.


දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව් කල බවත්, ඒ සඳහා දඬුවම්ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රුගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන්! (ආමෙන් යන වචනයේ තේරුම - එසේම වේවා)


මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.


http://www.gotquestions.org/sinhala/Sinhala-eternal-life.html

ස්වර්ග රාජ්‍යයේ දුක තිබේද ?

ස්වර්ග රාජ්‍යයේ දුක තිබේද? නැත,කොහෙත්ම නැත. "උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලු කදුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපිමත් හඞිමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයැයි සිංහාසනයෙන් කියන මහත් හඞක් මට ඇසුණේය.

ඔවුන්ට තවත් බඩගින්නේවත් පිපාස වන්නේවත් නැත; සුර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත. මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ (යේසුස් වහන්සේ ) ඔවුන්ගේ එඩේරා වී, ජිවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. සමිදුන්ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කදුළු පිසදමනසේකැ" යි කීවේය. එළිදරව් 21:4; 7:16,17

සත්‍ය යනු කුමක්ද? එය ම සොයාගන්නේ කෙසේද?

 සත්‍ය යනු කුමක්ද? එය ම සොයාගන්නේ කෙසේද?
සත්‍යයයි ඔබ සිතන දේ සත්‍යම නොවන්නට පුළුවන. මන්ද සත්‍යය මනුෂයෙකුගේ සිතුම් පැතුම් වලට,මත වලට, සමාන නොවේ. තවද එක් එක්කෙනාගේ මත වෙනස්මය. නුමුත් සත්‍ය අපට පිටතින් පවතින්නාවූ වෙනස් නොවන යථාර්තයකි.

මැවුම්කරුතුමන් කුමන ආකාර කෙනෙකු ද?

මැවුම්කරුතුමන් කුමන ආකාර කෙනෙකු ද?
එතුමන් සර්වසාධාරණය, අති ශුද්ධය, සම්පුර්ණයෙන් පිවිතුරුය, සියලු බලයෙන් යුක්තය, සෑම තැනම එක් වරම වැඩ වසන සේක. එතුමාණෝ සියල්ල දන්නා සේක. සර්ව ප්‍රඥාවන්තය, කිසිදා වෙනස් නොවන සේක. එතුමාණෝ ආදරයෙන් පරිපුර්ණය, ඉතා යහපත්ය, සාධාරණමය, සර්වසම්පුර්ණ ස්වාමින්වහන්සේය. තවද උන්වහන්සේ අති විශාල ආදරයකින් ඔබට ආදරය කරනසේක.

උන්වහන්සේගේ අභිප්‍රාය ඔබ උන්වහන්සේ සමග සමීප සම්බන්දතවයකට පැමිණවීමයි. බහිරව හටගන්නා කිසි දෙයකට ඉවත් කල නොහැකි ඇතුලාන්ත ශාන්තියක්, සමාධියක්, ඔබ තුල උන්වහන්සේට ඇති කල හැකිය. ආදරය ලැබීමේ, ඔබ තුල ඇති අවශ්යත්වය, උන්වහන්සේට සපුරාලන්නට හැකිය.මන්ද, ඔබ කුමන තැනැත්තෙකු වුවත්, කුමන දෙයක් කලත්, උන්වහන්සේ ඔබට ආදරය කරන සේක. අන් කිසිවෙකුට ඒ ආදරයෙන් ඔබ ඉවත් කල නොහැකිය. ඔබේ සියලුම අවශ්‍යතවයන් උන්වහන්සේ දන්නා සේක. (ශරිරික්ස්,ආර්ථික,හැගීම් පිලිබදව,මානසිකව හා අධ්‍යාත්මික).

ඔබ රෝගීව සිටින්නෙහි නම් ඔබ සුවකිරීමට උන්වහන්සේ සතුටුය. හැගීම් වලින් පීඩන තිබේ නම් සහනය දීමට සතුටු ය. මැවුම්කරු සමිදුන් ඔබේ ස්වාභාවොත්තර පියතුමා ය. දයාබර දෙමපියෙකු ලෙස ඔබට ඉතා ආදරයෙන්, කරුණාවෙන් සලකන සේක. 


ආකාසයේ පක්ෂීන්ට, උන්වහන්සේ අහර සපයන සේක. කෙතෙහි මල් අලංකාරව පළදවන සේක. තම දරුවන්ට ඊට වැඩියෙන් ආදරයෙන් සලකන සේක. තම දරුවන් එතුමන්ගේ රාජ්‍ය ගැන නිසිලෙස සලකමින්, සාධාරනකම ඉටුකරමින් ජිවත් වන්නේ නම්, එතුමන් තම දරුවන්ගේ සම අවශ්‍යතාවයන්ම සපුරලනසෙක. ආදරය, ප්‍රීතිය, ශාන්තිය, සහනය ඔබට ප්‍රදානය කිරීමට උන්වහන්සේ ඉතා ආශාවෙන් බලාසිටින සේක. ඔබ ප්‍රශ්න ගැටළු ඇතිවන කල, ඔබට පිහිටවීමට ඉතා සතුටින් ඔබට සමීපව සිටින සේක.


බයිබලයේ ගීතාවලිය නම් පොතේ මෙසේ සදහන් වේ. “ඔබට භය ඇති කල්හි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.”(ගීතාවලිය 56:3).ඔබ අතින් අකුසල් සිදුවුනත් වරදකට ඇබ්බැහිවුවත් එයින් ඔබ මුදා ගැනීමට උන්වහන්සේ බල සිටින සේක. ඔබේ පිය ඔබට ආදරය නොකළේ නම්, පියවූ සමිදුන් ඒ අඩුව සපුරාලන්නට ඉතා සතුටුය. ඔබ තුල තිබෙන පලු ගතිය,උන්වහසේට මක දැමිය හැකි ය.උන්වහන්සේ ඔබ උදෙසා පිළියෙළ කළහැකි සියල්ල ඔබට අත්පත් කරගැනීමට නම්, ඔබ අධ්‍යාත්මික ලෙස උන්වහන්සේගේ දරුකමට උත්පදවී, උන්වහන්සේගේ රජයට ඇතුලත් විය යුතුය.ඔබගේ වැදගත්ම අවශ්‍යතාවය මෙයයි. ඔබ මෙසේ අධ්‍යාත්මික ලෙස උත්පාද වූ කල, උන්වහන්සේ ඔබේ පියාණන් වන සේක. උන්වහන්සේ ද ඔබට පිතෘ ආදරයෙන් සලකන සේක. 


ඔබේ දය්වය ඔබ විසින් පිළිගත යුතු නැත. මන්ද ඔබට ඉතා අනර්ඝ ඉරණමක් උන්වහසේ පිළියෙළ කර ඇත. එබැවින් ඔබට කේන්දර,පොරොන්දම් යනාදිය සලකන්නට කොහෙත්ම ඔනවන්නේ නැත. මන්ද සම දිනකම ඔබට යහපත් දිනක් වනු ඇත. උන්වහන්සේ පිළියෙල කර ඇති සැලැස්ම ඔස්සේ ඔබ ජිවත්වන කල, ඔබ කලින් සිටි තැනැත්තා නොව, අලුත්ම අලුත් තැනැත්තෙකි.

එතුමන් මා මැවුවේ මන් ද ?

එතුමන් මා මැවුවේ මන් ද ?
උන්වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයකට සතුන්ට පැමිණිය නොහැකිය. එහෙත් ඔබට එසේ කල හැකිය. ඊට හේතුව නම්, උන්වහන්සේ ඔබ තුල නාමය හෙවත් ”ස්ප්රිතුව”යන අංගයක් තබා ඇති නිසාය.

මේ අංගයට එනම් නාමයට උන්වහන්සේගේ නාමය හෙවත්, ශුද්ධාත්මය සමග සම්බන්ධ විය හැකි ය. ඇසුරු කළහැකි ය. සමිදුන්ට ඔබ ඉතා අගනේය. අන් සියල්ලට වඩා ඔබව උන්වහන්සේ අගය කරන සේක. තවද ඔබ උන්වහන්සේට සමීපවී උන්වහන්සේ හා සමග කතා බස් කිරීමට උන්වහන්සේ අපේක්ෂා කරන සේක. ඔබේ තනිකම මකාගත හැකේ, එතුමන් සමග පුද්ගලික ඇසුරකට පැමිණීමෙනි. එතුමන් සමග අදර මිතුරුකමකට ඇතුලත්වීම එතුමන් ඔබෙන් අපේක්ෂකරයි. මවුම්කරුතුමන් ඔබ මැව්වේ උන්වහන්සේ ආදරය කරණකොටගෙන ය.
මව්කුසේදී ඔබව තැනුවේ උන්වහන්සේය. ඔබ මේ ලෝකයෙහි සිටින්නේ අහම්බෙන් නොව, දැන් ඔබ මේ ලිපිය කියවන්නෙත්, උන්න්වහන්සේගේ සැලැස්ම ඔබට අනාවරණය කරන පිණිස ය. ඔබ ගැන පිළියෙල කර ඇති ජීවිතය, අන් කිසියම් කෙනෙකුට ද නොමැත. උන්වහන්සේට ඔබ අසහාය තැනැත්තෙකි. ඔබ විසින් විශේෂ කාර්යභාරයක් කරණ පිණිස, සමිදුන් ඔබට විශේෂ තලෙන්ත හා හැකියාවන් දී ඇත. ඔබ ඔබගේ ජීවිතය හා මේ සියල්ල උන්වහන්සේට කැපකළ විට, ඔබ ගැන උන්වහන්සේගේ අදහස ඉෂ්ට කරනු ඇත. ඔබට උන්වහන්සේ බොහෝ ආදරය කරනසේක. ඔබද මුළු සිතින්ද, මනසින්ද, ශක්තියෙන්ද උන්වහන්සේට ආදරය කිරීම ඔබෙන් උන්වහන්සේ බලාපොරොත්තුවන සේක. තවද ඔබටම ඔබ ආදරය කරන ලෙස, අනුන්ට ද ඔබ ආදරය කිරීම ඔබට නියම කරන සේක. ලෝ මැවීමට පෙර පවා, ඔබ ගැන උන්වහන්සේට සැලැස්මක් තිබුණි. ඔබ තුළ උන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය තුළින්, ඔබට යහපත් ක්‍රියා කිරීමට තිබේ. ඔබ තුළ, උන්වහන්සේගේ සියලු ගුණ ලක්ෂණ ඇති කිරීමට උන්වහන්සේගේ අභිප්‍රායයි.
 
Copyright © 2012-2021. CEYLON CHRISTIAN (SINHALA) - All Rights Reserved