සත්‍ය යනු කුමක්ද? එය ම සොයාගන්නේ කෙසේද?

 සත්‍ය යනු කුමක්ද? එය ම සොයාගන්නේ කෙසේද?
සත්‍යයයි ඔබ සිතන දේ සත්‍යම නොවන්නට පුළුවන. මන්ද සත්‍යය මනුෂයෙකුගේ සිතුම් පැතුම් වලට,මත වලට, සමාන නොවේ. තවද එක් එක්කෙනාගේ මත වෙනස්මය. නුමුත් සත්‍ය අපට පිටතින් පවතින්නාවූ වෙනස් නොවන යථාර්තයකි.

එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්:"නුඹලා මගේ වචනයෙහි පවතිනවානම් සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑව ද නුඹලා නිදහස් කරන්නේ”යයි කීසේක.

ඔවුහු උන්වහන්සේට උත්තර දෙමින් “අපි කිසිවෙකුට වහල් නුණෙමු. නුඹලා නිදහස් වන්නහුයයි කියන් කොහොම”දැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්: "සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි. පව්කරන සියල්ලෝ පාපයාගේ වහල්ලුය. වහලා නිතරම ගෙදර නැවතී නොසිටියි. පුත්‍රයා නිතරම නැවතී සිටියි. එබැවින් පුත්‍රයා නුඹලා නිදහස් කරන්නේහිනම්, සැබවින් නුඹලා නිදහස් වන්නේහුය. මාගේ පියාණන්වහන්සේ ළඟදී දුටුදේ මම කියමි." යොහාන් 8:31,32,34.
මැවුම්කාර සමිදුන් තරාතිරම් නොබලනසේක. ඔබ කුමන පසුබිමෙන් පැමිණියත් කම් නැත. ඔබට උන්වහන්සේගේ දරුවෙකු විය හැකිය.
ඔබ දැන පිහිටා සිටින දර්ශනය හෝ ඔබ වරක් දැරූ දර්ශනය විසින් සත්‍යය නොසෑදේ. සත්‍ය වනාහී සර්ව සම්පුර්ණය. ඔබ සත්‍ය සෙවිය යුතුයි. එවිට සත්‍ය ඔබ නිදහස් කරනු ඇත.

ආගමිකවතවත් පැවැත්වීමෙන්, ඔබට ස්වර්ග රාජ්‍ය හිමි වන්නේ නැත. මැවුම්කරු සමිදුන් වැඩවසන්නේ ස්වර්ග රාජ්‍යයේය. උන්වහන්සේගේ අභිමුඛත්වයට පැමිණිය හැක්කේ තමාගේ කිසියම් හැකියාවකින් හෝ දක්ෂතාවයකින් නොවේ. එතුමන් සමග මිත්‍ර ඇසුරකට පැමිණීමෙන් ඔබගේ අකුසල් අහෝසි කරනු ඇත. ඔබ සමාව අත්දකිනු ඇත.
මෙසේ ඔබේ ජිවිතයේ ඇතුලාන්තය වෙනස් වීමක් සිදුකරගෙන එතුමන් ඔබගේ හිමිකරු කරගෙන, මේ ජිවිත කාලයේදීම සදාතන ජීවනය අත්දකින්නෙහි නම්, පරලොවදී ස්වර්ග රාජ්‍යට ඔබ පිවිසෙන්නෙහිය. සමිදුන් වෙත භක්තියෙන් ළගාවී, තම හදවත් පිවිතුරු කරගෙන, උන්වහන්සේට තම ජිවිතයේ හිමිකරු වීමට ඉඩ දෙන තැනැත්තෝ පමණක්, ස්වර්ග රාජ්‍යට පිවිසෙන්නෝ ය. මෙලොවින් මතු ස්වර්ග රාජ්‍ය හිමි කරගන්න අතර, වර්තමානයේදී නව ජීවනයක් අත්පත් කරගන්නෝ ය. මේ ජීවනය සදාතනික ජිවනයකි.

දේව දරුවන් බවට උත්පාදනය වන අයට උන්වහන්සේ පුදුමාකාර සම්පත් ස්වර්ග රාජ්‍යයේදී පිළියෙල කර ඇත. අපේ ඇසින් නොදුටු මනසින් නිර්මාණය නොකළ භාග්‍යයක් අපට පිළියෙල කර ඇත. ඒ සම්පත් හිමිකර ගැනීමට සැරසෙන ලෙස, මේ ජිවිත කාලයේදී අප ජීවිතය ගත කිරීමට උන්වහන්සේ පිහිට වන සේක.

මේ අනිත්‍ය වූ තාවකාලික ජිවිත කාලය ඉතා කෙටිය. එහි ඇතිවන දුක් කම්කටොලු තාවකාලිකය. එහෙත් ස්වර්ග රජයේ සම්පත් සදාතනිකය. ශාරීරික මරණය අපට උරුමය. මරණය සමිදුන්ගේ අභිමුඛත්වයට පැමිණීමට දොරකඩ පමණය. ස්වර්ගයෙහිදී උන්වහන්සේ ඉදිරියේ, ඔබ මුණගැසෙනවාට මම කැමැත්තෙමි.
Share this article :

+ comments + 1 comments

5 March 2022 at 16:32

Vinte Ceramic Flat Iron Blade, Spinning Rods - TiG - iTAL
Vinte Ceramic Flat Iron Blade, Spinning Rods - TiG - iTAL - titanium 4000 T-Shirt. Free titanium exhaust tubing Shipping with 3 micro touch titanium trim Pack + 12/20% off. titanium plate flat irons T-Shirt - T-Shirt. titanium coating

Post a Comment

 
Copyright © 2012-2021. CEYLON CHRISTIAN (SINHALA) - All Rights Reserved