ශුද්ධ වූ බයිබලය සහ නෝවාගේ නැව

දෙවියන් වහන්සේ ලෝකය මවා මනුෂ්‍යාට අවශ්‍ය සියල්ල සැපයුවද මනුෂ්‍යා පාපයට ඒදන් උයනේදී වැටුණ නිසා ලෝකය පුරාම අයහපත් දේ කරමින් සිටියහ. නමුත් නෝවා දෙවියන් වහන්සේගේ වචනයට අනුව හැසිරුණේය. එමනිසා දෙවියන් වහන්සේගේ කරුණාව මහත් සේ ඔහුට ලැබුනේය.
 
එම නිසා දෙවියන් වහන්සේ නෝවාට  කතාකොට "මේ මනුෂ්‍යයෝ පාප කරමින් පොළොව දුශ්‍ය  කරමින් නපුරටම යමින් සිටිති. එමනිසා මම පොළොව විනාශ කරන්නෙමි" කිහ.මන්ද යත් තමා මවන ලද මනුෂ්‍යා තමන් වහන්සේ ඉදිරියේ තමන් එපා කිවූ නපුරුකම් කරන ආකාරය උන්වහන්සේට දරා ගත නොහැකි විය. එහෙත් නෝවා හා නෝවාගේ පවුලට උන් වහන්සේ ආශීර්වාද කළහ. කෙසේද යත් ,,,,


  "නුඹ ගොඓර් ලී වලින් නැවක් සදාගනින්න. නැවෙහි කාමර සදා එහි ඇතුලත් පිටත් කීල් ගාපන්න.නුඹ එය සෑදිය යුතු ආකාරය මේය.
නැවේ දිග රියන් තුන් සියක් ,
පළල රියන් පනසක්ය,
උස රියන් තිහක් .
නැවට කවුළුවක් සාදවා ඉහළින් එක රියනකින් නිම කරපන්න.
නැවේ දොර පැත්තකින් සදාපන්න.
පහළ තට්ටුවක් දෙවෙනි තට්ටුවද ඇතුළුව එය සදාපන්න." (උත්පත්ති 6:14-16)

මේ ලෙසට නැවක් සාදා එහි ආරක්ෂාවීමට සියලු රැකවරණ ලබාගන්න ආකාරය දෙවියන්වහන්සේ නෝවාට පැහැදිලි කළහ.එසේම මහා ජල ගැල්මක් මුළු පොළොව පිට ඇති කොට හරහා සියලු මංසමය වූ සියල්ලන් විනාශ කරන්නට සුදානම් විය.තවද නෝවාත් ඔහුගේ පවුලේ අයත් මංසමය වූ පණ ඇති සියල්ලන්ගෙන් ඔහු සමග පණ ඇතුව තබා ගනු පිණිස එක එක වර්ගයේ සත්වයන්ගෙන් ගෑණු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙන යන්ට අවසර දුන්හ.පක්ෂීන්,සිවුපාවුන්,බඩගා යන හැම සත්ව වර්ගයේම ජෝඩුව බැගින් කන්නා වූ සියලු ආකාර ආහාරයෙන් නැවට පිරවීමට දෙවියන් වහන්සේ උපදෙස් දුන්හ.

ලෙස නැවට සියලු දෙනා ඇතුළු වූ පසු සත්දවසකින් දහවල් සතළිසක් රෑ සතළිසක් පොළොව පිට වැසි වසින ලදී. වර්ෂාව කොතරම් බලවත් වී යත්,මහා පොලොව ගැඹුරේ වූ සියලු උල්පත් බිදී ගියේය. ආකාශයේ කවුළු ඇරුණේය.මහා බලවත් වර්ෂාවක් අද වැටුණේය. ජලය වැඩිවන විට නැව තිබු ස්ථානයෙන් ඉවත් ගියේය.
කදු,ශිඛර සියල්ල වැසි ගියේය. අවසානයේ පොළොව පිට තිබුණා වූ සියල්ල විනාශ විය. ජලය පොළොව පිට 150 දවසක් පැවතිණි. (උත්පත්ති 7)

අවසානයේ දෙවියන් වහන්සේ නෝවාද නැවෙහි සිටි සියලු පණ ඇති  සත්වයන් සිහි කළහ. එවිට උන්වහන්සේ පොළොව පිට හුළගක් ඇති කර හරහා ජලය අඩු කළහ.ගැඹුරු උල්පත්ද, ආකාශ පියන්ද වසනලදී .මේ ලෙස ජලය අඩුවිය.

නෝවාගේ නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණේය.

දින හතළිහකට පසු නෝවා නැවේ කවුළුවෙන් කපුටෙක් පිටතට යැවුවේය.එසේම ළගින්නට තැනක් නොමැතිව ඔබ මොබ ගියේය.ජලය බැස ගියාද යන්න දැන ගැනීමට පරවියෙකු හැරියේය. පොළොව පිට  ජලය ඇති බැවින් ළගින්නට තැනක් නොමැතිව නැවත හැරී නැවට ආවේය.තව සත් දිනකින් එම පරවිය නැවත පොළොවට යැවුවේය. එහිදී හවස පරවියාගේ පදයේ ඔලිව් කොළයක් විය.මේ හරහා පොළොවේ ජලය බැස ගිය බව නෝවා දැන ගත්තේය. නැවත තවත් සත්දිනකින් එම පරවියා පිටත් කර යැවුවේය. නැවත නාහ. හරහා ජලය සම්පුර්ණයෙන් පොළොවේ සිදී ගිය බව නෝවට අවබෝධ විය.මේ ලෙස දෙවෙනි මස සත්වන දින පොලොව වියලි තිබුණේය.(උත්පත්ති 8)

අවසාන දෙවියන්වහන්සේ නැව තුළ සිටි නෝවාගේ පවුලේ අයට ද සියලු ප්‍රනින්ට ද නැවෙන් පිටට එන්න අවසර දුන්හ.(උත්පත්ති 8:16)

ඒ ලෙස සියලු දෙනාට පොළොව පිට මහත් සේ වැඩි වී වර්ධනය වීමට දෙවියන්වහසේ ආශීර්වාද කළහ.
මේ ලෙස දෙවියන්වහන්සේගේ වචනය අනුව යහපත් ව ජිවත්වන පුද්ගලයන්ට මහා ආශීර්වාදයක් උන්වහන්සේ දෙන සේක.නෝවාගේ යහපත් භාවය නිසා ඔහුගේමුලු පවුලම ආශීර්වාද ලැබුහ.දේව භය ඇතුව යහපත් දෙකරමින් ජිවත්වන පුද්ගලයට දෙවියන්වහන්සේ නිතරම ආශීර්වාද කරනවා පමණක්නොව ආරක්ෂා කරති.තවද මෙම නෝවාගේ අරුම පුදුම නැවේ සිදුවීම අද වන විට සත්‍ය වී හමාරයි.


තුර්කියේ අරරත් කදූ මුදුනෙන් හමු වී ඇති මෙය අඩි 13000 පමණ දිග බව කියති.එනම් මීටර 4000 ක් පමණ වේ.
මෙම විශ්මිත නැව අද වන විට විවිධ පර්යේෂණ වලට ලක්වන අතර ශුද්ධ වූ බයිබලය තුළ අඩංගු සිදුවිමක සත්‍යතාවය ඔප්පු වන අවස්ථාවකි නෝවාගේ නැව සොයාගැනීම.

(ප්‍රසාදිනි පුංචිහේවා)

Share this article :

Post a Comment

 
Copyright © 2012-2021. CEYLON CHRISTIAN (SINHALA) - All Rights Reserved